මාංශමය ආහාර ගුණදායී ප්‍රෝටීන සපයයි.

මාංශමය ආහාර ගුණදායී ප්‍රෝටීන සපයයි.

මස් වර්ග ප්‍රෝටීන සහ යකඩ,සින්ක් (Zn),කොපර් (Cu)වැනි ඛණිජ ලවණ බහුල ආහාරයකි.
මස්වල ඇති යකඩ පහසුවෙන් අවශෝෂණය වන අතර අනෙකුත් ආහාරවල ඇති යකඩ  අවශෝෂණය පහසු කරයි.
මස්වල B කාණ්ඩයේ විටමින්ද (විශේෂයෙන් B12) බහුලව අඩංගු වේ.විටමින් B12 අඩංගුවන්නේ සත්ව ආහාරවල පමණි.
මස්වල කොලෙස්ටෙරෝල් ඇතුලු තෙල් අඩංගු නිසා කොලෙස්ටෙරෝල් අධික පුද්ගලයන් මස් ආහාරයට ගැනීම සීමා කලයුතුය.
එමෙන්ම අධිකලෙස මස් අනුභවය සමහර පිළිකා සැදීමට හේතුවන බව සොයාගෙන ඇත(විශේෂයෙන් රතු මස් හා සැකසූ මාංශ ආහාර).


කුකුල් මස්  සංතෘප්ත මේදය අවම මස් වර්ගයකි.

මස් පිසීමේදී සහ ආහාරයට ගැනීමේදී ඇසට පෙනෙන තෙල් කොටස් ඉවත් කරන්න.
හැකි සෑම විටම සම ඉවත්කල කුකුල් මස් ආහාරයට ගන්න.

2 comments:

  1. හොඳ සේවයක් වෙදැස!!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි ඉන්දික.ඉඩක් ලැබෙන හැමවිටම(තවත් බොහෝ වැඩ අතරතුරේ) ලිපියක් ලියන්න උත්සාහ කරනවා.වැදගත් වේ කියා සිතන අංශයක් (වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ) සඳහන් කරන්න. ඒ ගැන තොරතුරු සොයා ඉදිරිපත් කරන්නම්.

    ReplyDelete