තේ පැන් දින දින වැඩි වැඩියෙන්.....

ශ්‍රී ලාංකිකයින් වන අපේ  ෛදනික ජීවිතයේ ප්‍රධාන අංගයක් තමයි තේ පානය කිරීම. තේ කෝපි වගේ පානයන් ගේ ඖෂධීය වටිනාකම ගැන ඈත අතීතයේ පටන්ම විශ්වාසයක් පැවතුනා. දැන් දැන් තේ වල ෂධීය වටිනාකම ගැන විද්‍යාත්මක සාක්ෂිත් එළිදැක් වෙමින් පවතිනවා.

පුද්ගලයින් 25000ට අධික සහභාගීත්වයෙන් කෙරුණු සමීක්ෂණයකට අනුව තේ වල ඇති Flavanol සංඝටකය රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ගේ රුධිර පීඩනය අඩු කරන බව සොයාගෙන තියෙනවා. දෙළුම්, චොකලට්, රනිල බෝග හා ඇට වර්ග එළවළු සහ කුළුබඩු වර්ග මෙම සංඝටකය බහුලවම හමුවන අනිත් ආහාර කාණ්ඩයි.


දියවැඩියා රෝගීන් පන් දහසකට ආසන්න පිරිසක් යොදාගෙන කළ තවත් සමීක්ෂණයකට අනුව දිනකට තේ කෝප්ප හතරක් හෝ ඊට වැඩි ගානක් සහ කෝපි කෝප්ප දෙකක් හෝ වැඩි ගණනක් පානය කිරීම දියවැඩියාව නිසා සිදුවන මරණ අඩු කර ගත හැකි බව හෙළිවෙලා තිබෙනවා.