තරබාරු බව මරණයට හේතුවක්.....



තරබාරුබව අඩුවයසේදී මිය යාමට බලපාන සාධකයක් බවත් එය දෙවැනි වන්නේ දුම් බීමට පමනක් බවත් වෛද්‍ය විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.යුරෝපයේ අකල් මරණ (අඩු වයසෙන් වන මරණ) වලින් 4න් 1කටම වගකිවයුතු වන්නේ දුම් බීමයි. එමෙන්ම තරබාරු බව අකල් මරණ 7කින් 1කටම වගකියයුතු බව පැවසෙනවා.
ඔබගේ BMI අගය 25kg/m2  ට වඩා වැඩිනම් ඔබ සාමාන්‍ය බර සහිත පුද්ගලයෙකුට වඩා ඕනෑම හේතුවකින් මිය යාමේ සම්භාවිතාව වැඩි බවත් ඔබගේ බර නියමිත තරමට අඩුකර ගැනීම මගින් සෑම අකල් මරණ 6කින් එකක් වලක්වාගත් හැකි බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.


http://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(16)30175-1/abstract

උණු බීම බොන්නේ බලාගෙනයි.....

අධික උෂ්ණත්වයෙන් යුතු බීම වර්ග නිතර පානය කිරීම ගලනාලයේ පිළිකා ඇතිවීමට හේතු විය හැකි බව ජාත්‍යන්තර පිලිකා පිලිබඳ ප්ර්යේශණ ආයතනය ප්‍රකාශ කර සිටිනවා.එමෙන්ම මේ සඳහා බලපාන්නේ අදාල පානයේ උශ්ණත්වය පමනක් බවත් බීම වර්ගය මත නොවන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. මෙහිදී අධික උනුසුමකින් (70C) යුතු බීම නිසා මෙම අවධානම වැඩි වන බවත් මඳ උනුසුමකින් යුතු බීම නිසා මෙවැනි අවධානමක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.



මේ නිසා අධික උනුසුමකින් යුතු බීම වර්ග වලින් වැලකී සිටීම වඩාත් සෞඛ්‍යාරක්ශිත වනු ඇති. නමුත් තේ මඳ උනුසුමකින් පානය කිරීම අහිතකර නොවන බවද මතක තබා ගන්න.


වැඩි විස්තර........
http://www.medscape.com/viewarticle/864871?nlid=106534_1982&src=WNL_mdplsnews_160617_mscpedit_fmed&uac=142733DR&spon=34&impID=1130171&faf=1

සීනි ආදේශක හොඳයිද?

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන් සඳහා සීනි නොවන රසකාරක දැන් වෙළඳ පොලෙන් ලබාගන්න පුලුවනි. වෙළඳ ප්‍රචාරණ මාධ්‍ය මඟින් මේවා බහුල ලෙස ප්‍රචාරණය කරනවා.මේවා කියන තරම් සෞඛ්‍යාරක්ෂිතද කියා සලකා බැලිය යුතුයි.

මෙම සීනි ආදේශක බොහෝ කලක් සිට භාවිතා වෙනවා. උදාහරණයක් ලෙස වෙළෙඳපොළේ ඇති සැකරින්(Sachcharine), සුක්‍රලෝස් (Sucralose), ඇස්පාර්ටේම්(Aspartame) දැක්විය හැකියි. නමුත්  නවතම වාර්තා මේවායේ අවදානම පිළිබඳව හෙලිදරව් කරනවා.එම නිසා මේවා බැටලු හම් පොරවගත් වෘකයින් ලෙස සැලකිය යුතු බව විශේෂඥ මතයයි.

මෙම සීනි ආදේශක මීයන්ට ලබාදුන්විට එම මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහල ගොස් තිබෙනවා. එයට හේතුව මෙම ආදේශක ආහාර මාර්ගයේ බැක්ටීරියාවන්ගේ පැසවීමේ ක්‍රියාවලිය මඟින් සිරුරට උරාගත හැකි සරල ද්‍රව්‍ය බවට පත් කිරීම හෝ සිරුරේ සහජීවී බැක්ටීරියාවන්ගේ ගහණයේ වෙනස්වීම විය හැකියි.
මේ සමාන නිරීක්ෂණ මනුෂ්‍යයින් සහභාගී වී කල පර්යේෂණ මඟින්ද ලැබී තිබෙනවා. එහිදීද ආහාර මාර්ගයේ සහජීවී බැක්ටීරියා ගහණය වෙනස්වීමද නිරීක්ෂණය කර තිබෙනවා. මේ සියල්ල රෝගියාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑ හැකියි.

එම නිසා මෙම ආදේශක භාවිතය අවම කිරීම වඩා සුදුසුයි. සීනි භාවිතය අඩු කිරීම සහ සීනි අඩු ආහාර වලට හුරුවීම වඩාත් සෞඛ්‍යාරක්ෂියි.

Source - http://www.medscape.com/viewarticle/860431

සෞඛ්‍ය සම්පන්න මහලු දිවියකට තරුණ වියේදීම අඩිතාලම දමමු......


අපේ රටේ වැඩිහිටියන් මුහුණදෙන රෝග බොහොමයකටම හේතුව තරුණ වියේදීම මුහුණ දුන් තත්වයන්. මේ නිසා වැඩිහිටි දිවිය නීරස, අනුන් මත යැපෙන ජීවිතයක් බවට පත්වනවා.
මේ තත්වයට පත්වීම වලක්වා ගැනීමටනම් තරුණ වියේදීම මේ සඳහා සූදානම් විය යුතු වෙනවා. තරුණ වියේදීම යහපත් පුරුදු පවත්වා ගැනීම මගින් ඔබටත් කඩිසර, ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි දිවියක් සඳහා මග පාදා ගත හැකියි. මෙන්න ඒ මග....

1.යහපත් ආහාර රටාවකට යොමු වන්න.....

නැවුම් එළවළු පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
කෘථිම ආහාර, රසකාරක, වර්ණකාරක භාවිතය අවම කරන්න.
සීනි,තෙල්, පිෂ්ඨමය ආහාර අඩුවෙන් ගන්න.
පලා වර්ගයක් දිනපතා අහාරයට එක් කරගන්න.
කුඩා මාලු වර්ගයක්  කෑමට ගන්න.
2. ක්‍රියාශීලී දිවියක් ගත කරන්න.

ක්‍රීඩාවකට යොමුවන්න

TV  එක ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න.
කඩිසර දිවියක් ගත කරන්න.

3. දුම් බීමෙන් මත් පැනින් සම්පුර්ණයෙන්ම ඈත් වන්න.
4. යහපත් මාන්සික සුවයක් පවත්වා ගන්න.
    පරිත්‍යාගශීලී වන්න.
    සිනාමුසුව කාලය ගතකරන්න.
    හොඳ විනෝදාංශයකට යොමුවන්න (පොත් කියවීම, ලිවීම, ඡායාරූපකරණය ආදී...)
    කේන්ති නොගෙන සිටීමට උත්සාහ ගන්න.

සමාජශීලී වන්න.පවුලේ අය සහ මිතුරන් අතර කාලය ගත කිරීමට වේලාවක් වෙන් කර ගන්න.

ආගමික කටයුතු සඳහා වේලාව වෙන් කර ගන්න.
අලුත් දෙයක් ඉගෙන ගන්න.මේ මඟින් ඔබගේ මොලය උද්දීපනය කරනු ඇත.



 

දිවේ පැල්ලමක්

"අනේ මහත්තයා, පුතාගෙ දිවේ තුවාල වගේ පැල්ලමක් හැදිල. දැන් කන්නෙත් නැහැ."
"ම්.....කෝ බලමු කොච්චර කල්ද
"
"දැන් සතියක් විතර වගේ, ලොකු අසනීපයක්ද මන්ද."
"අපි බලමුකෝ...එයා  කෑම කනකොට අඬනවද?උණ තිබුනද?"
"නෑ මහත්තය වෙන අසනීපයක් තේරෙන්නෙ නැහැ.දිවේ කැලැල් වගේ තියෙනව.රිදෙන බවක් තේරෙන්නෙ නැහැ.තුවාල වගෙ නෙමෙයි.පාට වෙනස්කමක් විතරයි තියෙන්නෙ.නිකං හම ගිය කොටසක් වගෙ තියෙන්නෙ."
"කෝ බලමු....ම්ම්....පුතා කට අරින්නකෝ..."
"මේ රෝස පාට හොඳට වෙන්වෙලා සිතියම් ඇන්ද වගේ තියෙන ඒව නේද අම්ම?"
"ඔව්, ලොකු අසනීපයක්ද මහත්තය....?"
"නැහැ, මේක නම් සාමාන්‍ය තත්වයක්.මේකට ඉංග්‍රීසියෙන් geographic tongue කියල කියවා, මොකද ඒක පේන්නෙ දිවේ සිතියමක් ඇන්ද වගේ නිසා"
"එහෙම ආවෙ ඇයි මහත්තය. මම සැර කෑමක්වත් දුන්නෙ නැහැනෙ."
"මෙහෙම එන්නෙ ඇයි කියල තවම හරියට හොයාගෙන නැහැ.සාමාන්‍යයෙන් 100 දෙනෙක් ගත්තොත් දෙතුන් දෙනෙකුට මේ තත්වය ඇතිවෙන්න පුලුවනි.ගොඩක් වෙලාවට වැඩිහිටියන්ගෙ මේ තත්වය බහුලයි.ජානමය සම්බන්ධකමක් ඇති කියල හිතනව."
"ඒත් මහත්තය කලින් මෙහෙම තිබුනෙ නැහැනෙ."
"ඔව්, මේ වෙනස සමහර කාලවල පේන්න තියෙනව.සමහර කාලවලදි ඇත්තෙම නැහැ."
"එතකොට මහත්තය පුතා කන්නෙ නැත්තෙ?"
"ඒ නම් දිවේ ප්‍රශ්නෙ නිසා නෙවෙයි.මොකද ඒක බොහෝ විට රිදෙන්නෙවත්, රස දැනීමටවත් බලපාන්නෙ නැති දෙයක් නිසා.කලාතුරකින් ඒ තැන්වල දැවිල්ලක් වගෙ දැනෙන්න පුලුවනි.ඒත් කෑම කන වෙලාවල්වලට.ඒ නිසා ගොඩක් මිරිස් තුන පහ ගොඩක් වැඩි කෑම දරුවට දෙන්න එපා. කෝකටත් බබාගෙ බර සටහන දෙන්න බලන්න."
"අනේ මහත්තය බුදු සරණින් පුතාගෙ බරේ නම් අඩුවක් නැහැ."
"කෝ බලමු.ම්ම්....මේ වර්ධන සටහන අනුව නම් දරුවගේ බර දිගටම හොඳයි.දරුවට අසනනීපයක් නැතිනම් එයා තමන්ට ගැලපෙන තරමට කනව.ඒත් ඉතින් අම්මලට දරුවො කොච්චර කෑවත් මදිනෙ.නේද?"
"අනේ මන්ද මහත්තය.මම හිතුවෙ දිවේ අසනීපයක් කියලයි.දිව මදින්න හරි ගාන්න හරි බෙහෙතක් ගන්නයි ආවෙ."
"මේකටනම් බෙහෙතක් ඕනෙ නැහැ.ඒක අසනීපයක් නෙවෙයි."
"එහෙනම් ගොඩක් ස්තූතියි මහත්තය.මම බයේ හිටියෙ.ලොකු අසනීපයක්ද කියල"