කන්න හොඳම දේ.......

  
අපි ආහාරයට ගතයුතු හොඳම දේ  කුමක්ද කියලා අපිට තනිවම තීරණය කිරීම අපහසුයී. බොහෝවිට අපගේ තේරීම් අපි ආශ්‍රය කරන අය, අපි  ඇසුරු කරන මාධ්‍ය සහ වෙළෙඳ දැන්වීම් මත තීරණය වෙනවා. එමෙන්ම මේ පිළිබඳව විද්‍යාඥයන් සතුවද පැහැදිලි අදහසක් නැහැ. එයට හේතුව විවිධාකාර පර්යේෂණ සහ නව සොයා සොයාගැනීම් සමග වඩාත් සුදුසු ආහාර ක්‍රමය කුමක්ද කියන දේ පිළිබද මතය වෙනස් වීමයි.අපි කාලයක් විශ්වාස කරා තෙල් අධික ආහාර,  කාබෝහයිඩ්‍රේට් බහුල පිෂ්ටමය ආහාර  හා මාංශමය ආහාර ශරීරයට අහිතකරයි කියලා  නමුත් නවතම අධ්‍යයනය පෙන්නුම් කරනවා මේ මතය එතරම්ම නිවැරදි නොවේ කියා. 
                පසුගිය දිනෙක ජර්මනියේ   Montreal නගරයේ පැවැත්වුණු යුරෝපීය හදවත් රෝග සමුළුවේදී මේ පිළිබඳව නවතම වාර්තා එළිදැක්වුණා මෙහිදී මහාචාර්ය Andrew Mente ( McMaster University)  ඔහුගේ නවතම පර්යේෂණ වාර්තාව පිළිබඳව අදහස් දැක්වූවා. ඔහුගේ මේ පර්යේෂණය රටවල් 50ක් අධික ප්‍රමාණයක පුද්ගලයින් 218000 සහභාගිත්වයෙන් සිදුකළ විශේෂ පර්යේෂණයක්. මෙහිදී පර්යේෂණ සහභාගී වූ පුද්ගලයින් ගේ ආහාර රටාව සහ ඔවුන් හෘදයාබාධයකට හෝ වෙනත් රෝගාබාධයකට ලක් වීමේ සම්භාවිතාව අධ්‍යයනය කළා.
              ඔවුන් එහිදී නිරීක්ෂණය කළා පලතුරු, එළවළු, ඇට වර්ග,  රනිල බෝග, මාලු, කිරි ආහාර සහ සකස් නොකළ  මාංශමය ආහාර වලින් සමන්විත ගුණාත්මක ආහාර වේලක් ලබාගන්නා පුද්ගලයින් අඩු හදවත් රෝග අවදානමක් දරන බව,  එමෙන්ම එවැනි පුද්ගලයින් වෙනත් රෝගාබාධ වලට ලක්වීමේ සම්භාවිතාවයද අඩු බව ඔවුන් නිරීක්ෂණය කළා.
              මෙම නිරීක්ෂණය කලින් පැවති කිරි ආහාර සහ මාංශමය ආහාර ශරීරයට අහිතකර බව පිළිබඳ මතය අභියෝගයට ලක් කරන්නක්. මෙයට හේතුව කිරි ආහාර සහ මාංශමය හා ආහාර වල අඩංගු මේදය ශරීරයට අහිතකර බව පිළිබද මතයයි.   නමුත් මහාචාර්යවරයා පවසන්නේ ආහාරයේ අඩංගු පෝෂණ කොටස් පිලිබඳ අවධානයට වඩා ආහාර විවිධත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. ආහාර වේල විවිධාකාර සංඝටකවලින් සමන්විත වීමෙන් සිරුරට අවශ්‍ය සියලුම පෝෂක ලබාගැනීමට හැකි බව ඔහුගේ මතයයි .
               එළවළු පලතුරු මාළු සිරුරට හිතකර ආහාර බව අවිවාදිතයි.එමෙන්ම කිරි ආහාර සහ මාංශමය ආහාර සිරුරට අවශ්‍ය ප්‍රමාණයෙන් ගැනීම නිරෝගී දිවියකට අත්වැලක් බව මෙම පර්යේෂණය මගින් පැහැදිලි වෙනවා .
                මෙහිදී ඔවුන් මාංශමය ආහාර ලෙස දක්වා ඇත්තේ සකස් නොකරන ලද  මාංශමය ආහාරයි. කෙසේ වෙතත් මෙම පර්යේෂණය අපගේ ආහාර වේල  විවිධත්වයකින් යුතුව පවත්වා ගත යුතු බව තහවුරු කරනවා.එමෙන්ම වෙළෙඳ දැන්වීම් වලට වහල් නොවී නැවුම් ආහාර වේලක රස විඳීම අපගේ ශරීර සෞඛ්‍යය තහවුරු කරන බව මෙයින් කියවෙනවා. 

https://www.medscape.com/viewarticle/901553?nlid=125008_430&src=WNL_mdplsfeat_180918_mscpedit_fmed&uac=142733DR&spon=34&impID=1742469&faf=1#vp_3