තේ පැන් දින දින වැඩි වැඩියෙන්.....
කොරෝනා නිසා මහත් වෙලා.....
Covid 19 වසංගතය ලෝකයේ පැතිරීමත් සමඟ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය උඩු යටිකුරු වුණා. ඇඳිරි නීතිය වැනි සමාජ දුරස්ථකරණය ක්‍රියාවලීන් නිසා බොහෝ දෙනෙක් නිවාසවලට කොටු වුණා. මේ සංසිද්ධි වැඩිහිටි අපිට වගේ ම කුඩා දරුවන්ටත් ශාරීරිකවත් මානසිකවත් බලපෑවා.
පොඩි හතියක්......
.හතිය එහෙම නැතිනම් ඇදුම බහුල ශ්වසන රෝගයක්. ඒ වගේම හතිය කියන්නෙ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගත යුුතු, දීර්ඝකාලීනව ශරීරයට බලපාන නිධන්ගත රෝගයක්. ජීවිතයේ ඕනෑම වයස් කාණ්ඩයකදීම මේ රෝගය ඇතිවිය හැකි වුවත් බහුලව දකින්න පුළුවන් කුඩා දරුවන් අතර. මේ රෝගය නිසා දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වීමටත්, අධ්‍යාපන කටයුතුවලට අහිතකර ලෙස බලපෑමටත් පුළුවන්. හතිය උත්සන්න වූ අවස්ථාවලදී රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර කලාතුරකින් ජීවිතය අහිමි වීමට පවා හතිය හේතුවක් විය හැකියි.
වාසනාවකට හතිය කියන්නේ නිවැරැදි ප්‍රතිකාර මගින් ඉතාමත් හොඳින් පාලනයක කළ හැකි රෝගයක්.
ඇදුම/ හතිය කියන්නේ මොකක්ද?
ඇදුම යනු පෙනහැලි වල ශ්වාස නාල වල අධි ක්‍රියාකාරිත්වය (Hyper responsiveness) නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මෙහිදී පෙනහැලි වල ශ්වාසනාලිකා දැඩි ලෙස සංකෝචනය වීම සහ ශ්ලේෂ්මල අධික ලෙස ශ්ස්‍රාවය වීම යන හේතු නිසා, ස්වාස නාලිකා අවහිර වී ශ්වසනය අපහසු වෙනවා.
මේ නිසා රෝගියාට හුස්ම ගැනීම සහ විශේෂයෙන්ම හුස්ම පිට කිරීම අපහසු වෙනවා.
ඇදුම රෝගීන් බොහෝ විට හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ තද ගතිය, වියළි කැස්ස වැනි රෝග ලක්ෂණවලින් පෙලෙනවා. මේ රෝග ලක්ෂණ රාත්‍රී කාලයේ දී උත්සන්න විය හැකි අතර රෝග ලක්ෂණ වල තීව්‍රතාවය පාරිසරික සාධක සහ රෝගියාගේ අභ්‍යන්තරික සාධක මත ( මානසික ආතතිය හා පෙනහැලි වල ආසාදන තත්වයන් වැනි) දෛනිකව වෙනස් වෙනවා.
ඇදුම රෝගය වර්ග කිහිපයක් ඇති අතර එම රෝග වල ක්‍රියාකාරීත්වයෙහි යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ නිසාම හතිය රෝගය රෝගීන් දෙදෙනෙකුට දෙයාකාරයකට මතුවිමට පුලුවන්.
හතිය උත්සන්න වීමට බලපෑ හැකි සාධක......
01. වෛරස් ආසාදන වැනි ආසාදන රෝග
02. නිවසේ හෝ පාසලේ ඇති අසාත්මීකාරක (දුහුවිලි,මල්වල පරාග හා කැරපොත්තන් වැනි)
04. සිගරැට් දුම සහ වෙනත් දුම් ව්‍යයාම මානසික ආතතිය සමහර ඖෂධ වර්ග (Beta Blocker, NSAIDs)
හතියට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
හතිය රෝගය පාලනය සඳහා යොදා ගන්නා ප්‍රධාන ඖෂධ කාන්ඩය පෙනහැලි වලට ඇදීමට(Inhalers) ගන්නා ස්ටීරොයිඩ් (Steroids) කාණ්ඩයේ ඖෂධයි. මෙම ඖෂධ උරන කරල් (Dry Powder Inhalers) ලෙස හෝ පෙනහැලි වලට උරන කුඩා බිඳිති (Metered Dose Inhalers -MDIs) ලෙස ලබාගත හැකියි. ඇදුම රෝගීන්ට භාවිතා කරන ය ප්‍රධාන ඖෂධය එය වන අතර ඊට අමතරව ඒ සමග එහි සහයට යොදා ගන්නා වෙනත් ඖෂධ කාණ්ඩ කිහිපයක්ම තිබෙනවා.
මෙම ඖෂධ එක් එක් රෝගියාට ගැලපෙන ලෙස නිවැරදිව නිර්දේශ කළ යුතුයි. යම්කිසි රෝගියෙකුට සුදුසු ම ඖෂධය රෝගියාගේ රෝග ලක්ෂණ, අවදානම් තත්වයන්, රෝගියාගේ කැමැත්ත, ඖෂධයේ ආරක්ෂාකාරී භාවය, රෝගියාට වැළඳී ඇති ඇදුම රෝගයේ වර්ගය හ ප්‍රතිකාරවලට යන වියදම යන සාධක මත තීරණය වෙනවා.
නිවැරදිව ප්‍රතිකාර ගන්නා රෝගියෙකුට.....
01. කිසිම රෝග ලක්ෂයක් රහිතව දිවා කාලය මෙන්ම රාත්‍රී කාලය ගත කිරීමේ හැකියාව
02. ඵලදායි මෙන්ම ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමේ හැකියාව
03. පෙනහැලි වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය
04. රෝගයෙහි දරුණු රෝග ලක්ෂණ වලින් මිදීමේ හැකියාව ලැබෙනවා....
ඇදුම රෝගයත් සමග සාමාන්‍ය ජීවිතයක් ගතකරන ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නළු නිළියන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයන් සිටිනවා. ඔවුන් ඇදුම රෝගය සඳහා නිවැරදි ලෙස ප්‍රතිකාර භාවිතා කරමින් ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු හා වෘත්තීමය කටයුතු වල සාර්ථකව නියැළෙනවා එම නිසා ඔබ ඇදුම රෝගියෙක් නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී ඒ සඳහා නිවැරදිව ප්‍රතිකාරවලට යොමු වීමත් ඒ ප්‍රතිකාර සහ නිර්දේශ වලට අනුගත වීමත් ඉතාමත් වැදගත්.
වඩා හොඳය සබන්ද ?අත් සේදුම් කාරක ද (Hand Sanitizer)?
මෑතකදී වසංගතයක් ලෙස වර්ධනය වුණු Covid-19 වෛරසයටත් සිරුරට ඇතුළු වෙන්නේ ඒ ආකාරයෙන්.
වාසනාවකට මෙම විෂබීජ පැතිරෙන එක වලක්වන්න ක්‍රම දෙකක් තිබෙනවා. ඒ තමයි සබන් යොදා අත් සේදීම හා මධ්‍යසාර අඩංගු පිරිසිදු කාරයකින් දෑත් පිරිසිදු කර ගැනීම.
මේ දෙකම එකවගේ ඵලදායක ද? නැතිනම් වඩා හොඳ මොකක්ද?
පළමුවෙන්ම මෙම පිරිසිදුකාරක ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලමු. වෛරස වලට බාහිර ආවරණයක් තිබෙනවා.මෙම ආවරණය විවිධ වෛරසවල විවිධාකාරයන් ගන්නවා. බොහෝවිට මෙම ආවරණය මේද ස්ථරයක් සහ ප්‍රෝටීන වලින් සමන්විත වෙනවා. covid-19 වෛරසයක් එවැනි වෛරසයක්.
සබන් වලින් මේද ස්ථරය දියවී යන නිසා වෛරසය විනාශ වෙනවා. මද්‍යසාර වලින් කරන්නේ වෛරසයේ අඩංගු ප්‍රෝටීන් වෙනස් කරන එක. මේ දෙවිදියටම වෛරසයට හානි කරන්න පුළුවන්.
සමහර වෛරස ආවරණය වෙලා තියෙන්නේ පෝටීන මගින්ම සෑදුනු ආවරණයකින් (Rhinovirus එවැනි වෛරසයක් ). එවැනි වෛරස සබන් මගින් විනාශ වන්නේ නැහැ. මධ්‍යසාර අඩංගු පිරිසිදුකාරක මේ සඳහා වඩා සුදුසුයි.
ඒ වුණත් අතේ තැවරී තිබෙන දුහුවිලි, තෙල් වැනි අපද්‍රව්‍ය ඉවත්කිරීමට සබන් වඩා සුදුසුයි. ඒ වගේම සබන් මිල අඩුවීම ද අමතර වාසියක්.
පාසල් නිවාඩුව කුඩා දරුවන් සමග ගුණාත්මකව ගත කරන්නේ කෙසේද?
නමුත් මේ වටිනා කාලය දරුවන්ට ඵලදායී ලෙසත්, ජීවන අත්දැකීම් ලබාගැනීමට හැකි ලෙසත් ගත කිරීමට පුලුවන්.
සීසර් කෙරුවොත් දරුවාට දියවැඩියාව හැදෙන්න පුළුවන්.....?
මෙහිදී 1946 -1964 අතර කාලයේ ඉපදුනු ගැහැණු දරුවන් 33226ක් පර්යේෂණයට යොදා ගැනුණා. එම දරුවන් 2013 - 2015 දක්වා වසර දෙකකට වරක් පරීක්ෂා කෙරුණා. මෙහිදී හෙළි වූයේ සාමාන්‍ය දරු උපතක් ඇති ගැහැණු දරුවෙක්ට වඩා සීසර් සැත්කම් මඟින් ඉපදුනු ගැහැණු දරුවන් ස්ථුලතාවයට හා දියවැඩියා රෝගයට ලක් වීමට වැඩි අවදානමක් ඇති බවයි.
COVID-19 නිසා මගහැරුණු වෛද්‍ය විද්‍යාවේ නව පෙරැළි...
In vivo CRISPR, මෙම තාක්ෂණය මගින් රෝගීන්ගේ සිරුර තුළ ජාන වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින් මෙතෙක් කල් සුවකල නොහැකි රෝග ලෙස සැලකුණු ජානගත රෝග සුව කිරීමට හැකියාවක් ලැබේවි. මෙම තාක්ෂණයේදී බැක්ටීරියා, බැක්ටීරියා සෛල තුළට ඇතුළු වන වෛරස් වල ජාන වෙනස් කිරීමේ එන්සයිම ක්‍රියාවලිය ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නවා. මෙය මීට කලින් මිනිස් සිරුර තුළ පරික්ෂා කර තිබුණේ නැහැ.
දරුණු හෘදයාබාධයකට පසු සංගීතයට සවන් දීම එම තත්ත්වයට සුව වීම ඉක්මන් කරන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.
ඒඩ්ස් රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ දෙවැනි රෝගියා ලෙස "ලන්ඩන් රෝගියා" හඳුන්වා තිබෙනවා. එලෙස සුවේ ලැබා ඇත්තේ ඔහුගේ Hodgekin Lymphoma රෝගී තත්ත්වයට ප්‍රතිකාරයක් ලෙස ඇටමිදුළු බද්ධ කිරීමෙන් පසුවයි. එම ඇටමිදුළු ලබාදුන් පුද්ගලයා ඒඩ්ස් රෝගයට ප්‍රතිශක්තියත් දක්වන ජාන විකරණයක් සහිත පුද්ගලයෙක්. මෙලෙස ඒඩ්ස් රෝගයෙන් සුව වූ පළමු රෝගියා ලෙස වාර්තා වන්නේ "බර්ලින් රෝගියා" ලෙස 2019 දී වාර්තා වූ රෝගියායි. කෙසේ වෙතත් ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ඇටමිදුළු බද්ධය තවමත් අනුමත වී නැහැ.
වෛරස් රෝගවලට ප්‍රතිකාරයක් සොයා ගැනීම ඉතාමත් අපහසුයි. බොහොමයක් වෛරස් රෝග සඳහා ප්‍රතිකාර නැහැ. නමුත් වෛරස් රෝග සඳහා සාර්ථකව භාවිතා කළ හැකි අණුවක් සීනි වලින් නිස්සාරණය කර ගැනීමට පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා. එය මිනිස් සිරුරට අහිතකර නොවන රසායනිකයක්. එම අනුවට වෛරසයක පිටත කවරය විනාශ කළ හැකි බව ඔවුන් පෙන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය ප්‍රතිකාරයක් ලෙස භාවිතයට තවත් පර්යේෂණ අවස්ථා කිහිපයක් පසු කළ යුතු වෙනවා.
සිරුරේ එක් පැත්තක් පණ නැති රෝගියෙකුට සුභවාදීව හිතන්න කියන එක විහිළුවක් වගෙයි. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ අංශභාගය සුව කිරීමට ප්‍රතිකාර අඩුයි. එනමුත් සුබවාදීව ජීවිතය දිහා බලන කෙනෙකුට අංශභාගය රෝගය සුව වීමට වැඩි ඉඩක් ඇති බව පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. එම නිසාම එම රෝගීන්ගේ බලාපොරොත්තු වැඩි වෙන ලෙස හා මානසික සෞඛ්‍යය ඉහළ යන ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත්.
බොහොමයක් පිළිකා කලින් හඳුනා ගැනීම අපහසුයි. නමුත් කලින් හඳුනාගැනීම මගින් බොහෝ පිළිකා සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි. රුධිරයේ තිබෙන DNA අනු විශේෂිත ක්‍රමයකින් පරික්ෂා කිරීම මගින් පිළිකා රෝග නිවැරදිව කලින්ම හඳුනා ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා. එමඟින් පිළිකා සෛල තිබෙන තැන පවා නිවැරැදිව සොයාගත හැකි බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
නිතර ස්නානය මඟින් හෘදයාබාධ වළක්වාගත හැකි යයි කීවොත් ඔබ එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් ජපානයේ 30000 අධික පිරිසක් යොදාගෙන කළ පර්යේෂණයකින් ඒ කතාව නිවැරැදි බව පෙන්වා තිබෙනවා. උණු වතුර නාන එක වඩාත් වාසිදායක බවයි ඔවුන් පවසන්නේ.
COVID-19 සහ ප්‍රෙෂර් බෙහෙත්
වෛරසය සෛලවලට ඇතුල් වන සෛල ප්‍රතිග්‍රාහකත්, මෙම ඖෂධ පෙනහැලි වල ක්‍රියාකරණ සෛල ප්‍රතිග්‍රාහකත් එකක් වීම ඒ නිසා මේ මතය ඇතිවෙලා තිබෙනවා. මෙම අවදානම න්‍යයාත්මක අවදානමක් වන අතර මෙම ඖෂධ කාණ්ඩ COVID-19 වෛරසය ආසාදිත රෝගීන් ට වාසිදායක බවටද මතයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ මත දෙකම න්‍යායාත්මක මත වන අතර එය ප්‍රායෝගිකව ඔප්පු කර නැත. එමෙන්ම වෛරසය ආසාදිත රෝගීන් ගේ දත්ත සසඳන විට ද එම ඖෂධවල වාසි හෝ අවාසි සහගත බවක් පෙන්වා නැත.
COVID-19 සුලගෙන් පැතිරෙනවා ද?
COVID -19 සහ පැන්ඩෝරාගේ පෙට්ටගම.....
සතුන් ආශ්‍රිතව බෝවෙන වෛරස් රෝග වලට තවත් හොඳම උදාහරණයක් තමයි ඒඩ්ස් රෝගය. ඒඩ්ස් රෝග කාරක HIV වෛරසය අප්‍රිකාවේ වඳුරන්ගෙන් බෝවී ලොව පුරා ව්‍යාප්ත වූ මාරාන්තික වෛරස් රෝගයක්. Nipah වෛරස් රෝගය වවුලන් අධිකව ගැවසෙන ප්‍රදේශවල ඌරන් ඇති කිරීම නිසා වවුලන්ගෙන් ඌරන්ට සහ ඌරන්ගෙන් මිනිසාට සංක්‍රමණය වූ රෝගයක්.