
වෛද්‍යවරයා එහෙම ඇහුවෙ සිරිපාල කාමරයට පැමිණීමත් සමග
පොඩි සිගරට් ගඳක්ද පැමිණි නිසා.
නැහැ මහත්තයෝ, සිරිපාලගේ සුපුරුදු පිළිතුර. දුවනම් අහක බලා ගත්තා.
ඉඳල හිටලවත්? වෛද්‍යවරයා නැවතත්
ඇහුවෙ තත්වය වඩාත් පැහැදිලි කරගන්න. ඒත් සිරිපාලට
සායනයට පැමිණි මුල් දවසෙම සිගරට් බීමේ ආදීනව කියල දුන්නෙ
මේ වෛද්‍යවරයාම නිසා ඒ ගැන වෛද්‍යවරයාට ලොකු සැකයක්
තිබුනේ නෑ.
"ඉඳල හිටල නම් සිගරට් එකක් බොනව මහත්තය" සිරිපාල ඇත්තම
කිව්වා. "දැන්නම් තාත්ත සිගරට් බොන්නෙ ඉඳල හිටල වගේ
මහත්තය". දුවත් සිරිපල බේරන්න ඉදිරිපත් උනා.
ඉඳල හිටල කිව්වෙ සිරිපාල
දවසට කීයක් විතර බොනවද? වෛද්‍යවරයා ඇහුවෙ 'ඉඳලහිටල'
කියන වචනෙ තේරුම එක එක අයට වෙනස් නිසා. දවසට සිගරට්
දෙකක් තුනක් වගේ තමා මහත්තයෝ. සිරිපාලට අත්ත නොකියා
බැරි වුනා.
ඉතින් කොහොමද සිරිපාල ලෙඩ සනීප
වෙන්නෙ? වෛද්‍යවරයා කෙටියෙන් පැහැදිලි කලා. සිරිපාලගෙ
කැස්ස සනීප නොවෙන්නේ ඒ නිසයි. මේ බව තේරුම් නොගත්ත
සිරිපාලලා ඕනෑ තරම් අප සමාජයේ ඉන්නවා.
කමක් නෑ සිරිපාල ඔයා අද
ඉඳන් ඔය වැඩේ නතර කරන්න. මම අර ගන්න කිව්ව Inhaler
(ඇදුම , හතිය සඳහා භාවිතා කරන ඖෂධයක්) එක ගත්තද?
"අර පිටින් ගන්න කිව්ව එකද මහත්තයා? ඒක ගනන් වැඩිනෙ.
හයසිය ගානක් කිව්වා. මට එච්චර වත්කමක් නෑ මහත්තය. ඒක
මෙහෙන් ගන්න බැරිද මහත්තයා.."සිරිපාල තමාගේ අසරණකම
පැහැදිලි කලා.
කුලී වැඩ කිරීම ජීවිකාව කරගත් සිරිපාලට එය ලොකු
වියදමක්. මේ අසනීපය නිසා පෙර මෙන් මහන්සි වී වැඩ කිරීමට
නොහැකි වීම තත්වය වඩාත් උග්‍ර කලා. නිවස අසළ ඇඟලුම්
කම්හලක සේවය කරන දරු දෙදෙනෙකුගේ මවක් වූ සිරිපාලගේ
දුවටත් තම පියා වෙනුවෙන් විශාල දෙයක් කිරීමේ හැකියාවක්
නැහැ.
මේ බෙහෙත ඉස්පිරිතාලෙ තිබුනා සිරිපාල, දැන් ඉවරවෙලා.
සිරිපාල වගේ අයටම දීල තමයි ඉවර වෙලා තියෙන්නෙ. මම
සිරිපාලට ලිව්වෙ ෆාමසියෙ තියෙන ගණන් අඩුම බෙහෙත. ඒක
ගන්න පුලුවන්නම් තව ටිකක් ඔය තත්වෙ පාලනය කරගන්න
පුලුවන්. වෛද්‍යවරයා එහෙම කිව්වෙ සිරිපාලගෙ තත්වය අනුව
පූර්ණ සුවයක් ගැන සිතිය නොහැකි නිසා.
මේවා ආණ්ඩුවේ වැරදි. අපිම පත් කරපු
ආණ්ඩු. මේවගේ බෙහෙතකටවත් වියදම් කරන්න බැහැනේ මුන්ට.
සිරිපාලගේ සාධාරණ කේන්තිය පවතින රජය වෙත යොමු විය.
සිරිපාලට දැන් මේ දෙන
බෙහෙත් වුනත් ෆාමසියකින් ගත්තොත් රු:1500 විතර යනවා.
සමහර බෙහෙත් නම් අපි ලඟ නැති බව ඇත්ත. වෛද්‍යවරයාගේ
අරමුණ වූයේ පරිපාලනය බේරා ගැනීම නොව තත්වය පැහැදිලි
කිරීමයි.
ඔහුගේ දුව පමණක් "තාත්තට කිව්වට අහන්නෙ නෑ මහත්තය. හම්බ කරන හැම සතේම සිගරට් වලට වියදම් කළා විතරනේ" ප්‍රකාශ කලේ තම පියා තමන් වෙනුවෙන්ද මුදලක් ඉතිරි නොකිරීමට අප්‍රසාදය පල කිරීමටයි.
ඇගේ අප්‍රසාදයේ වරදක් නැති බව හිතෙන්නේ සිරිපාල සිගරට් දුමට වැය කල මුදල ගැන සිතන විට. මීට කලින් ඔහු දිනකට සිගරට් 20 ක් පමණ වසර 20 ක්ම පානය කල කෙනෙකි. ඒ මුදල රු: 20* 20*365*20 ලක්ෂ 29 කට ආසන්න මුදලකි. (කලින් සිගරට් වල මිල අඩු වුවත් මුදලේ වටිනාකම සැලකූ විට) ඒ මුදල ඔහු ඉතිරි කලා නම් ඒ මුදලින් ඔහුගේ දියණියගේ දිවියද සැපවත් කර , ඔවුන්ගේ දිවිය ආලෝකමත් කල ආඩම්බර තාත්තා කෙනෙක් වෙන්න සිරිපාලටත් තිබුනා.
සිරිපාලට වැරදිලා බව සිරිපාලටම තේරුණා.
ඒත්............. මොකද කරන්නේ.. කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
තිබෙනවා. නමුත් සීමා සහිතයි. ඔහු සිගරට් බීම නතර කලොත් , අඩුම තරමෙ රෝගය උත්සන්න වීමවත් නවතා ගත හැකියි.

නමුත් මීට පෙර සිරිපාල මේ නරක පුරුද්දෙන් මිදුනානම්.............. අප අවට මෙවැනි සිරිපාලලා බොහොමයක් සිටිනවා. බොහෝ විට මේ අවධානම ගැන දන්නේ නැතිව නැති නම් ඒ ගැන සැලකිල්ලක් නැතිව.ඔවුන් නිවැරදි මගට යොමුකරන්න අපි කාටත් වගකීමක් තියෙනවා.