ක්‍රියාශීලි දිවියක් තුලින් සෞඛ්‍යසම්පන්න මිනිසෙක්.........1


ක්‍රියාශීලි දිවියක් තුලින් සෞඛ්‍යසම්පන්න මිනිසෙක්.........


ක්‍රියාකාරී දිවියක් ගත කිරීම සෞඛ්‍ය සම්පන්න දිවියකට මගපාදනවා.මෙය සෑම වයස්කාණ්ඩයකටම සාධාරණ කියමනක්.
ළමා කාලයේදී සහ තරුණ කාලයේදී ක්‍රියාශීලී දිවියක් ගත කරන අය වැඩිහිටියන් ලෙසද ක්‍රියකාරී දිවියක් ගතකිරීමට යොමුවනවා(ඒ නිසා කුඩා දරුවන් පොතටම/කොම්පියුටරයටම සිරකරන්න/සිරවෙන්න දෙන්න එපා).
නිරෝගී දිවියක් සඳහා අප දිනකදී ආහාරයෙන් ගන්නා ශක්ති ප්‍රමාණය සිරුරේ ක්‍රියාශීලීත්වය තුලින් සම්පූර්ණයෙන් වැය කල යුතුයි.


ක්‍රියාශීලී දිවියෙන් ලැබෙන වාසි.........


නිරෝගී දිවියක් සඳහා ජීවිතය පුරාවටම ක්‍රියාශීලී ජීවණ රටාවක් පවත්වා ගැනීම වැදගත්.එමඟින් ඔබගේ සෞඛ්‍ය,මානසික ඒකාග්‍රතාව, සාමාජීය සහ ආගමික ජීවිතය වඩාත් යහපත් කරගන්න පුලුවනි.එමඟින් ඔබ මනා ශාරීරික සහ මානසික සෞඛ්‍යකින් යුතු ප්‍රියමනාප උද්ගලයෙකු බවට පත්වනවා.කුඩාකල සිටම ක්‍රියාශීලී වීම දියවැඩියාව, ඇතුලු බොහෝ රෝග ඇතිවීමේ අවධානම අවම කරනවා.
එමඟින් වඩාත් ශක්තිමත් නම්‍යශීලි අස්ථි, සන්ධි, මාංශපේශි වලින් යුතු සිරුරක් ඔබට ලැබෙනවා.


ඊට අමතරව........


1) සිරුරේ බර පාලනය.
2) රුධිර පීඩනය පාලනය.
3) මනා මානසික සමබරතාවය.
4) වඩාත් ක්‍රියාකාරී රුධිර සංසරණ පද්ධතියක්.
5) වඩාත් සංවේදී , ක්‍රියාශීලීඑ සිරුරක්.
6) වඩාත් ඵලදායී ‍රැකියා දිවියක්.
7) සැහැල්ලු මනසක්.
8) වඩා හොඳ මතකයක් සහ තර්කානුකූල බුද්ධියක්.
                ඔබට ලැබෙනවා.


මේ තරම් වාසිදායී වූවත් ලොව පුරා පුද්ගලයින් ක්‍රියාකාරී දිවියෙන් ඈත්වී යාමක් දක්නට ලැබෙනවා.මිනිසා එලිමහන් දිවියෙන් ඈත්ව ගෘහාශ්‍රිත දිවියකට හුරුවීමත් සමඟම මෙය සිදුවූවා.රුපවාහිනී හා පරිගණක ඉදිරියේ කාලය වැය කිරීමට හුරුවීම මෙම තත්වය වඩාත් උග්‍ර කිරීමට හේතු වූවා.

නැවත ක්‍රියාශීලී දිවියකට හුරුවීම මුලු සමාජයේම යහපත සඳහා හේතුවෙනවා.මේ සඳහා නැවතත් අපගේ ක්‍රියාශීලී දිවියට හුරුවීම වැදගත්.


තමාගේ රෙදි සෝදා ගැනීම, වත්තපිටියේ ක්‍රියාකාරකම්, නිවස අස්පස්කිරීම වැනි දෙයින් මෙය පටන් ගන්න පුලුවනි.


ක්‍රියාකාරී දිවියට මග.....

1) සතියේ සෑම දිනකම දිනකට විනාඩි 30ක් වත් දහදිය දමන තරම් ක්‍රියශීලී කටයුත්තක නිරත වන්න.මෙය දිනය පුරා බෙදී යන ලෙස කල හැකියි(උදා:- දිනකට තෙවරක් විනාඩි 10 බැගින් වේගයෙන් ඇවිදීම).


2) මෙම ව්‍යාම සවායු (Aerobic Exercise) ව්‍යායාම විය යුතුයි (උදා:- ඇවිදීම,දිවීම, ගේ දොර වැඩකටයුතු).


3) සතියකට දින 3ක්වත් දැඩි ව්‍යාම වල නිරත විය යුතුයි. එමඟින් ඔබගේ මාංශපේෂි සහ අස්ථි ශක්තිමත් වෙනවා.


4) කන්ඩායම් වශයෙන් කරන ක්‍රීඩාවන්හි යෙදීම ඉතාමත් අගෙයි (එමඟින් ඔබගේ සාමාජීය ජීවිතයද යහපත් වෙනවා).


5) මෙම ව්‍යාම වල නිරත විය යුතු කාලය වයස සමග වෙනස් වෙනවා.

වයසට ගැලපෙන ව්‍යායාම............


තරුන ළමයින් (අවු. 5-18).
දිනකට විනාඩි 60ක්වත් සාමාන්‍ය සහ දැඩි ව්‍යායාම වල යෙදිය යුතුයි.මනස සංවර්ධනය වන සහ සාමාජීය ජීවිතයට වැදගත්වන ලෙසවිවිධ ක්‍රියාකාරකම් වල යෙදීම වැදගත්.


මැදිවයසේ පසුවන්නන්,
සතියකට දින 5ක් දිනකට විනාඩි 30 බැගින් සමාන්‍ය ව්‍යාම හෝ දඩි ව්‍යාම දිනකට විනාඩි 20ක් බැගින් දින 3ක් හෝ මෙම ව්‍යායාම දෙකෙහි එකතුවක් සමඟ සතියකට දින 2ක්වත් මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම 8 -10ක් පමණ (එක් ව්‍යායායාමයක් 8 -10 වරක් වත් කල යුතුයි, උදා :ස්කොට් 10ක්, ඩිෆ් 10ක්)


වැඩිහිටියන්,
මැදිවයසේ පසුවන්නන් තරමටම ක්‍රියාශීලී විය යුතුයි. නමුත් මෙම කාලයේදී ඇත්වන රෝගාබාධ සමග මෙම ව්‍යාඅයාම සැසඳිය යුතුයි.රෝගාබාධ ඇති අය ව්‍යායාම වලට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.


ගර්භණී මව්වරුන්,


වෙනත් රෝගාබාධ නොමැතිනම් දිනකට විනාඩි 30ක් සාමාණ්‍යය ව්‍යායාමයක යෙදීම වැදගත්.


කිරි දෙන මව්වරුන්,
සාමාන්‍ය ව්‍යායාමයන්හි දිනපතා යෙදීම දරුවාගේ පෝෂණයට කිසිසේත්ම අහිතකර ලෙස බලපාන්නේ නැත.

3 comments:

  1. අගේ ඇති ලිපියක්!

    ReplyDelete
  2. ඉතාම මහන්සියෙන් අපි වෙනුවෙන් ලිව්ව මෙම වැදගත් ලිපිය. මම ගොඩක් ආසාවෙන් කියෙව්ව. තව දුරටත් මේ වගේ හරවත් සවිස්තර ලිපි රචනයට දිරිය,ශක්තිය ‍ලැබේවායයි පාර්ථනා කරමි.

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි සබිත්....!
    ස්තූතියි නාලක, ඔබල්ගේ නිරන්තර අගය කිරීම් ලොකු ධෛර්යයක්!

    ReplyDelete