පිලිකාවට තරබාරු බවත් හේතුවක්.....



         ලොව පුරා වාර්තා වන පිළිකා වලින් 4%කටම හේතුව වන්නේ අධික තරබාරු බව සොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ පිළිකා රෝගීන් 20කින් එක් අයෙක්ම පිළිකා රෝගයට ගොදුරු  වී තිබෙන්නේ අධික තරබාරුව නිසායි.


       පියයුරු, ආමාශය, ගලනාලය, ගර්භාෂය පිත්තාශය, වකුගඩු, අක්මාව, ඩිම්බකෝෂය, අග්න්‍යාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, මොලය,  සහ රුධිරය ආශ්‍රිත පිළිකාවලට අධික තරබාරුව හේතුවන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා.


        එම නිසා පිළිකාවලින් මිදීමට අනෙකුත් පියවර ගන්නවා හා සමානවම සිරුරේ බර පාලනයට අවධානය යොමු කිරීමත් වැදගත් වේවි.

No comments:

Post a Comment