ශරීර ස්කන්ධ දර්ශකය (BMI - Body Mass Index)
BMI යනු පුද්ගලයෙකුගේ උසට ගැලපෙන බරක් තිබේදැයි කියා දක්වන දර්ශකයකි.
එය ඔබගේ බර කිලෝ ග්‍රෑම් (kg) වලින් ගෙන උස මීටර වලින්( m) ගෙන එහි වර්ගයෙන් බෙදීමෙන් ලැබෙන අගයයි.
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර (kg)/උස (m) * උස (m)
වැඩිහිටියෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය......
- 18.5 වඩා අඩු නම් - කෙට්ටු සිරුරක් සහිත බර අඩු පුද්ගලයෙකි. වැඩිපුර ශක්ති ජනක ආහාර ගැනීම සහ ගැළපෙන ව්‍යායාම අත්‍යවශ්‍යය.
- 18.5 - 24.9 නිවැරදි උසට ගැළපෙන බරකින් යුක්ත පුද්ගලයෙකි. සමබර ආහාර වේලකින් සහ ක්රමානුකූල ව්‍යායාම මඟින් සිරුරේ බර මෙම මට්ටමේ පවත්වා ගත යුතුය.
- 25 - 29.9 - අධික බර - සමහර බෝ නොවන රෝග ඇති වීමට වැඩි අවධානමක් ඇත(උදා: දියවැඩියාව , හෘද රෝග ). මනා ආහාර පාලනයක් සහ ව්‍යායාම මඟින් බර අඩු කර ගත යුතුය.
- >30 - ස්ථූල පුද්ගලයෙකි. අධි බර හා සබැඳුනු රෝගයන්ට දැඩි අවධානමක් ඇත. කෑම පාලනය සහ බර අඩු කර ගැනීමට සුදුසු ව්‍යායාම මඟින් බර අඩු කර ගත යුතුමය.
ඉනෙහි වට ප්‍රමාණය( waist Circumference).
ඉනෙහි වටප්රමාණය උකුල් අස්ථියේ ඉහළම දාරයත් ඉළ ඇට වල පහලම දාරයත් අතර හරි මැදින්(දළ වශයෙන් නාභිය මට්ටම) සිරුරේ වටප්‍රමාණයයි.
එය උදර බිත්තියේ සහ සිරුරේ තැන්පත්ව ඇති මේදය පිළිබඳ හොඳ දර්ශකයකි.එමනිසා ඉනෙහි වටප්රමාණය නිවැරදි මට්ටමක පවත්වා ගැනීම අත්‍යවශ්‍යය.
කාන්තාවන්ගේ 80cm (32") වඩා වැඩිනම්
හෝ
පුරුශයෙකුගේ 90cm (36") වඩා වැඩිනම්
හදවත් රෝග සහ දියවැඩියාව වැනිබෝ නොවන රෝග වලට ඇති අවදානම වැඩිය.
හරිම වැදගත් ලිපියක් , මමත් මෙම කරුණු අන්තර්ගත කළ ලිපියක් ලීවා , වෙලාවක් ඇතොත් ඇවිත් බලන්න
ReplyDeletehttp://nursinglanka.blogspot.com/2011/06/11th-discussion-childhood-obesity.html
මහේෂ් ඔබ පලකළ ලිපිය කියෙව්වා.වටිනා ලිපියක්.මම මේ blogඑක ලිවීමට සිතුවෙත් අපේ සමාජයේ සෞඛ්යගැන ලොකු උනන්දුවක් තිබුනත් ඒ පිලිබඳ නිවැරදි දැනුමක් හෝ නිවැරදි දැනුම ලබා ගැනීමට පහසු මාර්ගයක්වත් නැති නිසයි.ඔබගේ සේවය ඒ අඩුව පිරවීමට ලොකු අනුබලයක්.
ReplyDeleteඅපට ගොඩාක් වැදගත් ලිපියක්...බොහොම ස්තූතියි.....
ReplyDeleteමටනම් ගොඩාක් වැදගත් ලිපියක්.
ReplyDeletesanjaya :)!
ReplyDeleteඉතාම වැදගත් ලිපියක්.මහත්මයානනි උසේ ප්‍රමානයට බර බලාගැනීමට දී තිබෙන සමීකරනය (B.M.I)උදා හරනයක් මගින් පැහැදිලි කරදෙන්න පුලුවන්නම් ගොක් වැදගත්.මගෙ උස අඩි 5 අගල් 3 යි.බර k.g.73 යි.මගේ B.M.I අගය සොයන ආකාරය සමීකරනයට යොදා පැහැදිලි කරදෙන්න හැකිනම් ගොඩක් ඉස්තුතියි.
ReplyDeleteඋස අඩි 5යි අඟල් 3ක් කියන්නෙ අඟල් 63ක්.ඒ කියන්නෙ සෙන්ටිමීටර් 160ක් (අඟල් 1ක් සෙන්ටිමීටර් 2.5ක් නිසා).ඒකියන්නෙ මීටර් 1.6ක්.ඒකෙ වර්ගය (1.6*1.6) කියන්නෙ 2.56ක්.
DeleteBMI බලන්නෙ ඔබේ බර (73kg) ඔබේ උසේ වර්ගයෙන්(2.56) බෙදීමෙන්.
එවිට ඔබගේ අගය 28.5ක්.
මේ අගයනම් ටිකක් වැඩියි.බර කිලෝ 8-10 කින් අඩුකරගන්න පුලුවනිනම් වඩා හොඳයි.
තමාගේ BMI අගය මෙම web අඩවිය තුලිනුත් බලා ගත හැකියි.
http://www.cdc.gov/healthyweight/assessing/bmi/adult_BMI/metric_bmi_calculator/bmi_calculator.html
මගෙ උස අඩි5.අගල්2යි,බර 75යි මට කියනවාද කියක් අඩු කර ගන්න ඔනිද කියලා.
ReplyDeleteමගේ උස 134 cm බර 25 බර වඩි කරගන්න මොකද කරන්න ඕන
ReplyDelete