දිනපතා කිරි ආහාර භාවිතය සුවැති දිවියකට මඟක්..............
කිරි යනු සියලුම වයස් කාණ්ඩයන්ට ගැළපෙන සම්පූර්ණ ආහාරයකි. (මාස 6 ට අඩු දරුවන්ට පමණක් මව් කිරි පමණක් නිර්දේශිතයි.)
                       කිරි ආහාර භාවිතය , ළමයින්ට සහ තරුණයින්ට ඉතාම පෝෂ්‍යදායක වන අතර ඔවුන්ගේ වැඩෙන අස්ථි සහ දත් වර්ධනයට මහෝපකාරී වේ. එම නිසා වෙළඳපලේ ඇති සිසිල් බීම වලට වඩා කිරි බීමට ළමයින් පුරුදු කල යුතුය.

කිරි වල අඩංගු පෝෂක................
විටමින් :-
               කිරි වල විටමින් B සෑහෙන ප්‍රමාණයක් අඩංගු වේ. විශේෂයෙන්ම රුධිර නිශ්පාදනයට සහ ස්නායු ක්‍රියාකාරීත්වයට වැදගත් වන විටමින් B12 අඩංගු වේ. යොදය සහිත කිරි වල විටමින් A යහමින් අඩංගුය. නමුත් යොදය ඉවත් කල (Non fat) කිරි වල විටමින් A හෝ අනෙකුත් මේදයෙහි දියවන (A , D , E , K ) විටමින් ඇත්තේ අවම වශයෙනි.

 ඛනිජ ලවණ :-
              කිරි , අස්ථි සහ දත් වර්ධනයට අත්‍යවශ්‍ය
කැල්සියම් (Calcium) සහ පොස්පරස්(phosphorus) බහුල ආහාරයකි. කිරි කැල්සියම් සිරුරට උරා ගැනීම ද පහසුය. යොදය සහිත හා රහිත ( Non fat)  කිරි වල සම ප්‍රමාණයෙන් කැල්සියම් අඩංගු වේ.කිරි  නිතර භාවිතය මැදිවයසේදී ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳීමේ අවදානම අවම කරයි.

මේදය :-
                කිරි මේදය දෛනික ශක්ති අවශ්‍යතාවයට ගැලපෙන පරිදි වැඩි ශක්ති ප්‍රමාණයක් සපයයි.මේදය අඩු කිරිවල කිරි මේදයෙන් අඩක් පමණ ඉවත් කර ඇති අතර මේදය රහිත කිරි(Non fat) වල කිරි මේදය සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්කර ඇත.
    මේදය රහිත කිරි(Non fat) වැඩිහිටියන්ට, තරබාරු ළමයින්ට, හදවත් රෝගීන්ට සහ කොලෙස්ටෙරෝල් අධික පුද්ගලයන්ට සුදුසුය.නමුත් වැඩෙන ළමයින්ට මේදය රහිත කිරි යෝග්‍ය නොවේ.

සීනි:-
              කිරි වල ඇති සීනි ලැක්ටෝස්(Lactose) සීනි ලෙස ඇති අතර, සාමාන්‍ය භාවිතයේ ඇති සීනි(සුක්‍රෝස්-Sucrose) වලට වඩා දත් දිරා යාමේ අවදානම අවමය.

කිරි ආහාර
මුදවපු කිරි -  

  
    ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතාවන කිරි ආහාරයකි.මිදවූ කිරි වල ප්‍රෝටීන් සහ විටමින් B සංයුතිය වැඩිය.එමෙන්ම මිදවූ කිරිවල ඇති කැල්සියම්(Ca) අවශෝෂණය පහසුය.මීකිරිවල එළකිරිවලට වඩා වැඩි මේදය ප්‍රමාණයක් අඩංගු අතර එමනිසා කිරි වඩා ඝණ ගතියෙන් යුක්තය.

යෝගට් -

    

යෝගට්වල අඩංගු බැක්ටීරියා සිරුරට ඉතා හිතකරය (probiotics).එමෙන්ම කිරිවල අඩංගු පෝශ්‍ය පදාර්ථයන්ද එසේම අඩංගු වේ.

 




චීස් -
 

   චීස්වල  කිරිවල ඇති පෝශ්‍ය පදාර්ථයන් එසේම අඩංගු වේ.නමුත් මේවායේ සංතෘප්ත මේද ප්‍රමාණය අධික නිසා හා  එකතුල ලුනු ඇති නිසා නිතර විශාල ප්‍රමාණවලින් භාවිතය සුදුසු නොවේ.

 



ඔස්ටියෝපොරෝසිස්(Osteoporosis) :-  
    අස්ථි පටක කොටස දියවී යාම මඟින් අස්ථි තුනී වීම නිසා මෙම රෝගය සෑදේ. එම නිසා එම රෝගීන්ගේ අස්ථි ඉක්මනින් බිඳී යාමට ලක් විය හැක. කිරි සහ කිරි ආහාර කුඩා කල සිට ආහාරයට එක් කර ගැනීමෙන් මෙම රෝගය වැළඳීමේ අවධානම අඩු කර ගත හැක.

 

කිරි ආහාර අජීර්ණය (Lactose Intoleranse):-
 
                    මෙම රෝගයෙන් පෙලෙන්නන්ට කිරි සීනි (lactose) දිරවීමට අවශ්‍ය එන්සයිමය අඩුය.එමනිසා ඔවුන්ට කිරි පානය කල විට බඩ පුරවා දැමීම, බඩ බුරුල්කර යාම වැනිදේ ඇතිවේ.
    ඔවුන්ට  කිරි ස්වල්ප ප්‍රමාණවලින් පානය කර(උදා:- වීදුරු කාලක් පමණ) ක්‍රමක්‍රමයෙන් වැඩිප්‍රමාණයක් ගැඊම මගින් මෙම තත්වය සුවකරගත හැක.
    එවැනි අයට යෝගට් සහ මුදවපු කිරි ආහාරයට ගත හැක[කිරිසීනි(lactose) බැක්ටීරියා මඟින් ලැක්ටික් අම්ලයට හරවන නිසා].
    කිරි ප්‍රෝටීන වලට ආසාත්මිකතාවයක් (Milk Protein Allergy)ඇති අයට කිරි ආහාර සුදුසු නොවන අතර සෝයා කිරි හොඳ ආදේශකයෙකි.

දිනකට කිරි ආහාර කොතරම් ගත යුතුද?

    - කිරි වීදුරු 1-2ක් හෝ
    - පිටිකිරි මේස හන්දි 2ක් (එක් වීදුරුවකට) හෝ
    -යෝගට්/ කිරි කෝප්ප 1ක්



කුඩා ළමයින්, තරුණ වයසේ පසුවන්නන්, ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට සාමාන්‍ය කිරි අවශ්‍යතාවය මෙන් දෙගුනයකට වඩා ගත යුතුය.

6 comments:

  1. වැදගත් කරුණු අන්තර්ගතයක් සරළව අප වෙතට ගෙන ආ ඔබට ස්තුතියි .

    ReplyDelete
  2. අදයි මම බ්ලොග් එකට ආවේ , හරිම ලස්සනයි , ඒත් word verification ලබා ගැනීම comments දමත්දි ටිකක් කරදරයි වගේ , පුළුවන් නම් එය ඉවත් කරන්න

    ReplyDelete
  3. ස්තූතියි මහේෂ්.මම blogකරණයට අලුත්.මම comments වලට තිබ්බ restriction ඉවත්කලා.Word verryfication මට පැහැදිලි නෑ.කොහොමද එය ඉවත් කරන්නෙ?

    ReplyDelete
  4. Design->Settings->Comments->Show word verification for comments? [No]
    මේ විදියට word verification ඉවත් කරගත්තාම comments දාන්න පහසුයි ,වැදගත් බ්ලොග් සටහනක් නිසා රාජකාරී අතරේ වුවත් මේ සේවය කරන්නට උත්සාහ ගන්න.

    ReplyDelete
  5. හරි අපූරු බ්ලොගයක්.හදිසියේ දැක්කෙ සොඳුරුසුව අසපුවට ගොඩ උන වෙලාවේ. දිගටම ලියන්න. ඉඩ ලද විට එනවා බලලා යන්න. ජය!!

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි ගිම්හානි!

    ReplyDelete