ගර්භණී සමයේදී සුවැති ආහාර වැඩිපුර.......

ර්භණී සමයේදී සුවැති ආහාර වැඩිපුර.......

ගර්භණී සහ කිරිදෙන සමයේදී මව්වරුන් තම ආහාරය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.කුඩා දරුවා කුසතුල පිළිසිඳගැනීමේ සිට උපතින් මුල් මාස 6 දක්වා සියලුම පෝෂණ අවශ්‍යතා සඳහා මව මත යැපෙනවා.එමනිසා මවගේ පෝෂණ ඌණතාවයන් දරුවාට දැඩිලෙස බලපානවා.
    මෙම සමයේදී නිවැරදිව ආහාර ගැනීම, සෞඛ්‍යසම්පන්න දරුවකු බිහිකිරීමට මෙන්ම දරු උපතින් පසු මවට ඇතිවන පෝෂණ ඌණතා ලක්ෂණ (උදා:-කොණ්ඩය හැලී යාම, දත් තුනී වීම) වැලැක්වීමටද හේතුවෙනවා.

දරුවෙක් ගැන සිතීමට පෙර.........
දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙරසිටම ඒ සඳහා සුදානම් වීම අතයවශ්‍යයි.ගර්භණී වීමට පෙර සිටම සිරුරේ බර නිවැරදි අගයක (නිවැරදි BMI අගයක්) පවත්වා ගැනීම ඝර්භණී භාවයත් සමග ඇතිවියහැකි බොහෝ සංකූලතා වලක්වනවා (උදා:- අධිරුධිර පීඩනය, දියවැඩියාව, අඩුබර/අධිබර දරු උපත්).

ගර්භණී සමයට ගැලපෙන ආහාර මොනවාද?
මෙම සමයේදී ගතයුතු ආහාර සහ ප්‍රමාණයන් මවගේ ක්‍රියාකාරිත්වය (උදා:- ‍රැකියාව) සහ ගර්භණී වීමට ප්‍රථම සිරුරේ BMI අගය මත වෙනස්වනවා.
එමෙන්ම ගර්භණී සමයේ විවිධ අවස්ථාවන්හිදී පෝෂණ අවශ්‍යතාවයන්ද වෙනස්වනවා. මුල් මාස 3දී පෝෂණ අවශ්‍යතා අවම අතර අවසාන මාස 3දී උපරිමයක් දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩිවෙනවා.
     එමෙන්ම ආහාර ‍තෝරා ගැනීමේදී මුල් මාස 3 තුලදී නිතර ඇතිවන වමනය තත්වය සහ කෑම අප්‍රියතාවයද සැලකිල්ලට ගත යුතුයි.

මෙහිදී......

01) මවගේ බර සුදුසු ලෙස වැඩිවන ආකාරයට ශක්තිජනක 
      ආහාර වැඩිපුර ගත යුතුය.

ගර්භණී සමයේදී බර වැඩිවිය යුතු ආකාරය.

මවගේ BMI අගය (kg/m2)            බර වැඩිවිය යුතු ප්‍රමාණය (kg)

      <18.5 (අඩු බර)                                    12.5 - 18

       18.5 - 24.9 (සාමාන්‍ය)                          11.5 - 16

       25 - 29.9 (අධි බර)                               7 - 11.5

       > 30 (තරබාරු)                                        < 6.8

02) සෑම ආහාර කාණ්ඩයකින්ම සමන්විත ආහාර වේලක් ගත යුතුය.

03) වැඩිපුර වතුර සහ දියර වර්ග බීමට ගත යුතුය (අඩු තරමින් 
       කෝප්ප 8 -10ක් වත්)

04) තන්තු බහුල අහාර වැඩිපුර ගත යුතුය (ගර්භණී සමයේදී 
      නිතර ඇතිවන මළබද්ධය වැලැක්වීම සඳහා).

05)සෑම විටම සෞඛ්‍යසම්පන්න ආහාර ඔබ වඩාත් ප්‍රියකරන 
     කෑම වර්ගවලින් ‍තෝරා ගන්න (මෙම කාලයේදී ඇතිවන 
     ආහාර අරුචිය අවම කිරීමට එය වැදගත් වේ).

06)සෑම දින්කම කිරි වීදුරුවක් හෝ 2ක් (හෝ ඊට සරිලන 
      කිරිආහාර ප්‍රමාණයක්) පානය කරන්න.

07) මද්‍යසාර/ මද්‍යසාර අඩංගු බීම වර්ග සහ දුම්පානය 
      (දුම්පානය කරන්නෙකු අසල සිටීමද අවදානම්) නතර කරන්න.


ගර්භණී සමයේදී දිනකට ගත යුතු ආහාර ප්‍රමාණයන් (ආහාර කොටස්වලින්)....
 
- පිෂ්ඨමය ආහාර කොටස් 8 - 14ක්

-පළතුරු කොටස් 3 - 4ක්

- එළවළු කොටස් 4 - 5ක්

-  කිරි ආහාර කොටස් 1 - 2ක්

- ප්‍රෝටීනමය ආහාර කොටස් 2 - 3ක්

- තෙල් සහිත බීජ වර්ග (තල, රටකජු වැනි) 2 - 4ක්



3 comments:

  1. ඉතා වැදගත් ලිපියක් , මෙවන් ලිපි සිංහල බ්ලොග් පරිශ්‍රයට එක්වීම ඉතා අගය කළ යුතු අතර මේ කටයුත්ත සාර්ථකව ඉදරියටත් කරගෙන යන්නට හැකි වේවා යයි පතමි

    ReplyDelete
  2. ඕනම කෙනෙක්ට කියවා තේරුම් ගත හැකි ආකාරයට සරළව ලියා තියන නිසා ලිපිය හරි අගෙයි..

    ReplyDelete
  3. ස්තූතියි මහේෂ්, ගිම්හානි.....
    ඔබගේ ධෛර්යය කිරීම් ලොකු ශක්තියක්!

    ReplyDelete