වඩා හොඳය සබන්ද ?අත් සේදුම් කාරක ද (Hand Sanitizer)?

අපේ අත්දෙක කොච්චර පිරිසිදුවට පෙනුනත්  එහි ඕනෑ තරම්    විෂබීජ රැඳී සිටීමට පුළුවන්.  මෙම විෂබීජ අපට නොදැනුවත්වමවම අපේ නාය, ඇස සහ කට හරහා සිරුරට ඇතුළු වෙන්න පුළුවන්.

මෑතකදී වසංගතයක් ලෙස   වර්ධනය වුණු Covid-19 වෛරසයටත් සිරුරට ඇතුළු වෙන්නේ  ඒ ආකාරයෙන්.

 වාසනාවකට මෙම විෂබීජ පැතිරෙන එක වලක්වන්න ක්‍රම දෙකක් තිබෙනවා. ඒ තමයි සබන් යොදා අත් සේදීම හා  මධ්‍යසාර අඩංගු පිරිසිදු කාරයකින් දෑත් පිරිසිදු කර ගැනීම. 


මේ දෙකම එකවගේ ඵලදායක ද? නැතිනම් වඩා හොඳ මොකක්ද?

 පළමුවෙන්ම මෙම  පිරිසිදුකාරක   ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලමු. වෛරස වලට බාහිර  ආවරණයක් තිබෙනවා.මෙම  ආවරණය විවිධ වෛරසවල  විවිධාකාරයන්  ගන්නවා. බොහෝවිට  මෙම ආවරණය  මේද ස්ථරයක් සහ ප්‍රෝටීන වලින්  සමන්විත වෙනවා. covid-19 වෛරසයක් එවැනි වෛරසයක්.

සබන් වලින් මේද ස්ථරය දියවී යන නිසා වෛරසය විනාශ වෙනවා. මද්‍යසාර වලින් කරන්නේ  වෛරසයේ අඩංගු ප්‍රෝටීන් වෙනස් කරන එක.  මේ    දෙවිදියටම   වෛරසයට හානි කරන්න පුළුවන්. 



සමහර වෛරස ආවරණය වෙලා තියෙන්නේ පෝටීන මගින්ම සෑදුනු ආවරණයකින් (Rhinovirus  එවැනි  වෛරසයක් ).   එවැනි වෛරස සබන් මගින් විනාශ වන්නේ නැහැ.     මධ්‍යසාර අඩංගු පිරිසිදුකාරක මේ සඳහා වඩා සුදුසුයි. 


ඒ වුණත් අතේ තැවරී තිබෙන   දුහුවිලි,  තෙල් වැනි අපද්‍රව්‍ය  ඉවත්කිරීමට සබන් වඩා සුදුසුයි.  ඒ වගේම සබන් මිල අඩුවීම ද අමතර වාසියක්. 

No comments:

Post a Comment