කොරෝනා නිසා මහත් වෙලා.....



Covid 19 වසංගතය ලෝකයේ පැතිරීමත් සමඟ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය උඩු යටිකුරු වුණා. ඇඳිරි නීතිය වැනි සමාජ දුරස්ථකරණය ක්‍රියාවලීන් නිසා බොහෝ දෙනෙක් නිවාසවලට කොටු වුණා. මේ සංසිද්ධි වැඩිහිටි අපිට වගේ ම කුඩා දරුවන්ටත් ශාරීරිකවත් මානසිකවත් බලපෑවා.


මේ තත්ත්වය යටතේ දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අඩුවී ඔවුන් මහත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව නවතම පරීක්ෂණයකින් පෙන්වා දෙනවා. නිවාසයට කොටුවීම නිසා ඔවුන්ගේ ආහාර රටාව වෙනස් වීමත් ක්‍රියාශීලී භාවය අඩු වීමත් මෙයට හේතුවයි. නිවාස වල සිටින දරුවන් වැඩිපුර රූපවාහිනිය නැරඹීම, පරිගණක සහ ජංගම දුරකථන භාවිතයට වැඩිපුර යොමු වීමත් මෙයට හේතුවයි. කුඩා දරුවන්ටත් වඩා තරුණ වයසේ දරුවන් අතර මෙය බහුලයි.


මේ සඳහා කළ හැකි දේ කුමක්ද?





1. වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දරුවන්ට ලබාදීම.
2. ආරක්ෂාකාරී ලෙස හා සමාජ දුරස්ථ කරන බව රඳවා ගත හැකි ලෙස දරුවන් ක්‍රීඩාවලට යොමු කිරීම (බයිසිකල් පැදීම, දිවීම, ලණු පැනීම - Skipping).
3. නිවස පිරිසිදු කිරීම, වගා කටයුතු කිරීම වැනි ක්‍රියාකාරකම් පවුලේ සියලු දෙනා සමඟ එකතුවී සිදුකිරීම.
4. රූපවාහිනිය ජංගම දුරකථනය සහ පරිගණක භාවිතය සීමා කිරීම.

No comments:

Post a Comment