සීනි ආදේශක හොඳයිද?

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන් සඳහා සීනි නොවන රසකාරක දැන් වෙළඳ පොලෙන් ලබාගන්න පුලුවනි. වෙළඳ ප්‍රචාරණ මාධ්‍ය මඟින් මේවා බහුල ලෙස ප්‍රචාරණය කරනවා.මේවා කියන තරම් සෞඛ්‍යාරක්ෂිතද කියා සලකා බැලිය යුතුයි.

මෙම සීනි ආදේශක බොහෝ කලක් සිට භාවිතා වෙනවා. උදාහරණයක් ලෙස වෙළෙඳපොළේ ඇති සැකරින්(Sachcharine), සුක්‍රලෝස් (Sucralose), ඇස්පාර්ටේම්(Aspartame) දැක්විය හැකියි. නමුත්  නවතම වාර්තා මේවායේ අවදානම පිළිබඳව හෙලිදරව් කරනවා.එම නිසා මේවා බැටලු හම් පොරවගත් වෘකයින් ලෙස සැලකිය යුතු බව විශේෂඥ මතයයි.

මෙම සීනි ආදේශක මීයන්ට ලබාදුන්විට එම මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහල ගොස් තිබෙනවා. එයට හේතුව මෙම ආදේශක ආහාර මාර්ගයේ බැක්ටීරියාවන්ගේ පැසවීමේ ක්‍රියාවලිය මඟින් සිරුරට උරාගත හැකි සරල ද්‍රව්‍ය බවට පත් කිරීම හෝ සිරුරේ සහජීවී බැක්ටීරියාවන්ගේ ගහණයේ වෙනස්වීම විය හැකියි.
මේ සමාන නිරීක්ෂණ මනුෂ්‍යයින් සහභාගී වී කල පර්යේෂණ මඟින්ද ලැබී තිබෙනවා. එහිදීද ආහාර මාර්ගයේ සහජීවී බැක්ටීරියා ගහණය වෙනස්වීමද නිරීක්ෂණය කර තිබෙනවා. මේ සියල්ල රෝගියාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑ හැකියි.

එම නිසා මෙම ආදේශක භාවිතය අවම කිරීම වඩා සුදුසුයි. සීනි භාවිතය අඩු කිරීම සහ සීනි අඩු ආහාර වලට හුරුවීම වඩාත් සෞඛ්‍යාරක්ෂියි.

Source - http://www.medscape.com/viewarticle/860431

No comments:

Post a Comment