උදව්වට අතක්.........

මම මේ BLOG එක ආරම්භ කලේ අපේ සමාජයේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පෝෂණය සහ රෝගාබාධ පිලිබඳ දැනුම ඉහල නංවා වඩා සෞඛ්‍ය සම්පන්න සමාජයකට අපේ ජනතාව යොමු කිරීමටයි.ඒ සඳහා විවේචන ලෙස ඔබගෙන් ලැබුනු අදහස් හා දිරි ගැන්වීම් ඉතා ඉහලින් අගය කරනවා.

    උදව්වට අතක් ලෙස මෙම ලිපිය පල කරන්නෙ උදව්වක් ලබා ගන්න සහ උදව්වක් ලබාදෙන්න.
        උදව්වක් ලබාදීම කියල අදහස් කලේ මේ BLOG එක බලන ඔබගේ සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ලබා දීමයි. මම වෛද්‍ය වෘත්තිකයෙක්.වසර 3ක පමන සේවා කාලය තුල බොහෝ රෝගීන්ට ප්‍රථිකාර කිරීම සහ සෞඛ්‍ය අඩ්යාපනික වැඩසටහන් මෙහෙයවීම මඟින් යම් දැනුමක් සහ අත්දැකීම් ලැබූවෙක්.එම නිසා ඒ දැනුම ආධාරයෙන් ඔබ්ට පිලිතුරු සැපයිය හැකියැයි සිතනවා.කෙසේ වෙතත් අදාල වෛද්‍ය ප්‍රථිකාරලබා ගැනීමට විකල්පයක් ලෙස එය නොසැලකිය යුතුයි.

ඔබේ ගැටළු පහත විද්‍යුත් ලිපිනයට එවන්න.

            wedhasa@gmail.com

        සිංහල BLOG අවකාශය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල බොහෝ පිරිසක් සිටිනවා.මගේ කාර්යබහුලතාව නිසා අළුත් ලිපියක් ලියන්න කල් ගතවනවා. මේ සම්බන්ධව උනන්දුව ඇති කව් රුන් හෝ සිටිනවනම් ඔවුන්ට ආරාධනා කරනවා ඔවුන්ගේ ලිපි හෝ අදාල BLOG සටහන් වලට යොමුවක්(LINK) මට ලබාදෙන ලෙස.මම ඒ ලිපි හෝ යොමුකිරීම් පල කරන්නම් (අදාල කතුවරයාගේ ලිපියක් ලෙස.)

 
     මේ සම්බන්ධව අනෙක් අය දනුවත් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.


1 comment:

  1. තවත් බොහාම වැදගත් සත්කාරයක ආරම්භයක් ... සුබ පැතුම් ...

    ReplyDelete