සීනි ආදේශක හොඳයිද?

දියවැඩියා රෝගයෙන් පෙලෙන්නන් සඳහා සීනි නොවන රසකාරක දැන් වෙළඳ පොලෙන් ලබාගන්න පුලුවනි. වෙළඳ ප්‍රචාරණ මාධ්‍ය මඟින් මේවා බහුල ලෙස ප්‍රචාරණය කරනවා.මේවා කියන තරම් සෞඛ්‍යාරක්ෂිතද කියා සලකා බැලිය යුතුයි.

මෙම සීනි ආදේශක බොහෝ කලක් සිට භාවිතා වෙනවා. උදාහරණයක් ලෙස වෙළෙඳපොළේ ඇති සැකරින්(Sachcharine), සුක්‍රලෝස් (Sucralose), ඇස්පාර්ටේම්(Aspartame) දැක්විය හැකියි. නමුත්  නවතම වාර්තා මේවායේ අවදානම පිළිබඳව හෙලිදරව් කරනවා.එම නිසා මේවා බැටලු හම් පොරවගත් වෘකයින් ලෙස සැලකිය යුතු බව විශේෂඥ මතයයි.

මෙම සීනි ආදේශක මීයන්ට ලබාදුන්විට එම මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහල ගොස් තිබෙනවා. එයට හේතුව මෙම ආදේශක ආහාර මාර්ගයේ බැක්ටීරියාවන්ගේ පැසවීමේ ක්‍රියාවලිය මඟින් සිරුරට උරාගත හැකි සරල ද්‍රව්‍ය බවට පත් කිරීම හෝ සිරුරේ සහජීවී බැක්ටීරියාවන්ගේ ගහණයේ වෙනස්වීම විය හැකියි.
මේ සමාන නිරීක්ෂණ මනුෂ්‍යයින් සහභාගී වී කල පර්යේෂණ මඟින්ද ලැබී තිබෙනවා. එහිදීද ආහාර මාර්ගයේ සහජීවී බැක්ටීරියා ගහණය වෙනස්වීමද නිරීක්ෂණය කර තිබෙනවා. මේ සියල්ල රෝගියාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑ හැකියි.

එම නිසා මෙම ආදේශක භාවිතය අවම කිරීම වඩා සුදුසුයි. සීනි භාවිතය අඩු කිරීම සහ සීනි අඩු ආහාර වලට හුරුවීම වඩාත් සෞඛ්‍යාරක්ෂියි.

Source - http://www.medscape.com/viewarticle/860431

සෞඛ්‍ය සම්පන්න මහලු දිවියකට තරුණ වියේදීම අඩිතාලම දමමු......


අපේ රටේ වැඩිහිටියන් මුහුණදෙන රෝග බොහොමයකටම හේතුව තරුණ වියේදීම මුහුණ දුන් තත්වයන්. මේ නිසා වැඩිහිටි දිවිය නීරස, අනුන් මත යැපෙන ජීවිතයක් බවට පත්වනවා.
මේ තත්වයට පත්වීම වලක්වා ගැනීමටනම් තරුණ වියේදීම මේ සඳහා සූදානම් විය යුතු වෙනවා. තරුණ වියේදීම යහපත් පුරුදු පවත්වා ගැනීම මගින් ඔබටත් කඩිසර, ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි දිවියක් සඳහා මග පාදා ගත හැකියි. මෙන්න ඒ මග....

1.යහපත් ආහාර රටාවකට යොමු වන්න.....

නැවුම් එළවළු පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
කෘථිම ආහාර, රසකාරක, වර්ණකාරක භාවිතය අවම කරන්න.
සීනි,තෙල්, පිෂ්ඨමය ආහාර අඩුවෙන් ගන්න.
පලා වර්ගයක් දිනපතා අහාරයට එක් කරගන්න.
කුඩා මාලු වර්ගයක්  කෑමට ගන්න.
2. ක්‍රියාශීලී දිවියක් ගත කරන්න.

ක්‍රීඩාවකට යොමුවන්න

TV  එක ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න.
කඩිසර දිවියක් ගත කරන්න.

3. දුම් බීමෙන් මත් පැනින් සම්පුර්ණයෙන්ම ඈත් වන්න.
4. යහපත් මාන්සික සුවයක් පවත්වා ගන්න.
    පරිත්‍යාගශීලී වන්න.
    සිනාමුසුව කාලය ගතකරන්න.
    හොඳ විනෝදාංශයකට යොමුවන්න (පොත් කියවීම, ලිවීම, ඡායාරූපකරණය ආදී...)
    කේන්ති නොගෙන සිටීමට උත්සාහ ගන්න.

සමාජශීලී වන්න.පවුලේ අය සහ මිතුරන් අතර කාලය ගත කිරීමට වේලාවක් වෙන් කර ගන්න.

ආගමික කටයුතු සඳහා වේලාව වෙන් කර ගන්න.
අලුත් දෙයක් ඉගෙන ගන්න.මේ මඟින් ඔබගේ මොලය උද්දීපනය කරනු ඇත.